තිරසාර ගොවිපල සත්ව
නිෂ්පාදනයේ පුරෝගාමියා වීම.
සත්ව නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත
වීමේ ජාතික අවශ්‍යතාවයට
දායක වීම.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) යනු රට පුරා පශු සම්පත් සහ කුකුළු අභිජනන ගොවිපල කළමනාකරණය කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කරන රාජ්‍ය ආයතනයකි. වසර පනහකට වැඩි කාලයක්, අප පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කර ඇති අතර, රට පුරා වාණිජ ගොවිපලවල් ස්ථාපිත කිරීම සහ තිරසාරභාවය සඳහා සහාය වීම සඳහා වාර්ෂිකව මිලියන ගණනක් කුකුළු පැටවුන් සහ දහස් ගණනක් ගව පැටවුන්, එළු හා බැටළු පැටවුන්, ඌරු පැටවුන් සහ අනෙකුත් අභිජනන සතුන් සපයමින් සිටිමු. අපගේ දිගුකාලීන පැවැත්ම පශු සම්පත් සහ කුකුළු කර්මාන්තවල සංවර්ධනයට හා පරිවර්තනයට සැලකිය යුතු ලෙස දායක වී ඇත. අප විසින් නව අභිජනන ප්‍රභේද, තාක්ෂණයන් හදුන්වාදෙමින් ගොවින් හා තරුණ ප්‍රජාව පුහුණු කිරීමේ පුරෝගාමියා වූ අතර මෙම ආකෘතින් පසුගිය දශක කිහිපය තුළ පෞද්ගලික අංශය විසින් බහුල ලෙස භාවිතා කරමින් තවදුරටත් පුළුල් කරන ලදී. අපි ස්වයං මූල්‍ය ආයතනයක් වන අතර, අපගේ ගොවිපලවල නිෂ්පාදනය කරන ලද අභිජනන ද්‍රව්‍ය, කිරි, බිත්තර සහ මස් නිෂ්පාදන, පොල් සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු නිමැවුම් වලින් ආදායමක් උපයන අතර භාණ්ඩාගාරය මත රඳා නොසිට සියලු වියදම් එමගින් සපුරාලීමට කටයුතු කරනෙමු. ඒ සමඟම, අනාගත තිරසාරභාවය සඳහා අප විසින් අපගේ වත්කම්, සංචිතයන් හරහා වර්ධනය කරමින් සිටිමු. ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වන විට, NLDB හි කාර්යභාරය තීරණාත්මක බව අපි විශ්වාස කරමු. ජාතික අවශ්‍යතා සපුරාලීම සහ තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා ඉදිරි වසරවලදී නව ගොවීන් හඳුන්වා දීම, ආකර්ෂණීය ආයෝජන ක්‍රම සහ මෙම අංශය තවදුරටත් පුළුල් කිරීම සඳහා අපි කැපවී සිටිමු.